අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තුමා හට සලාමා ආයතනයේ සුභාශිංසන

November 18, 2019
1,458 Views

ගෝඨාභය රාජපක්ෂ මහතා                                                                                                                       2019/11/18
අතිගරු ජනාධිපති
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තුමා හට සලාමා ආයතනයේ සුභාශිංසන

අතිගරු ජනාධිපති තුමණි!

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ 7 වන විධායක ජනාධිපති ලෙස ඔබ තුමා තේරී පත් වීම සම්බන්ධව අපගේ හෘදයාංග සුභ පැතුම් මෙමඟින් දන්වා සිටිමු.

මෙය ලාංකික දේශපාලනික සංස්කෘතියේ වෙනසක් ඇති කිරීම සඳහා ඔබ හට ලැබුණු අනගි අවස්ථාවකි. මේ සම්බන්ධව ජාති ආගම් භේදයකින් තොරව රටේ ජනතාව අතර විශාල බලාපොරොත්තුවක් තිබෙන්නේය. ඔබ ජාතීන් අතර ඇති භේදභින්න බව නැති කර අපගේ අනාගත පරම්පරාව එකමුතුව ජීවත් වීමට හැකි, ශක්තිමත් දේශයක් ගොඩනැගීමෙහි ලා වෙර දරන බවට අපි විශ්වාස කරන්නෙමු. ඒ අනුව ස්ථීර වූ සාධනීය වෙනසක් රට තුළ සිදු කිරීමට සිංහලල දෙමළල මුස්ලිම් යන සෑම ජනතාවගේම මනාපය හා ආඥාව දැන් ඔබට භාරය.

මෙවන් වෙනසක් ඇතිකිරීමට ඔබ හට ශක්තිය, ධෛර්යය හා හැකියාව ලැඛේවායි ප්‍රාර්ථනා කරන අතරල නව දේශපාලනික වෙනසක් ඇති කිරීමේ අවශ්‍යයතාවය ඔබ තුමා මනාව වටහාගෙන ඇති බව අප සැමගේ විශ්වාසයයි.

දේශපාලනික ප්‍රතිසංස්කරණ, සැවොම එක්ව එකට ජීවත් වීමට හා මව් රට ශක්තිමත් කිරීමෙහි ලා සලාමා ආයතනය නිතරම ඔබ හා අත්වැල් බැඳ සිටින්නෙමු. ශක්තිමත් අනාගතයක් සහිත ශ්‍රි ලංකාවක් ගොඩනැගීමෙහි ලා ඔබට අපගේ සුබ පැතුම්.

මීට
මව්බිමෙහි යහපත සදා පතන

ආසාද් අබ්දුල් මුඊද්
සභාපත‘ – සලාමා ආයතනය

CC: ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ

Leave A Comment