ස්ථීරවම ප්‍රාර්ථනා කරමු
තම ගැත්තා තමාගෙන් ප්‍රාර්ථනා කිරීම අල්ලාහ් ප්‍රිය කරයි.මෙමගින් තවදුරටත් අප හා අල්ලාහ් අතර බැඳිම දැඩි වන අතර තවදුරටත් අල්ලාහ් වෙත සමීප කරවයි. තව ද මෙය අල්ලාහ්ගේ ඒකත්වය තහවුරු කරයි. මෙහි සැබෑ හා අවංක සංවාදයක් පවතී. මෙමගින් දුක් පීඩා දුරුවන අතර අවශ්‍යතා සම්පූර්ණ වේ. තවද අයහපත් දෑ වළක්වනු ලැබෙන අතර ආශීර්වාදය ද හිමි වේ. මෙමගින් ස්වර්ගයට පිවිසීමට දොරටු විවෘත වනවා සේම නිරයේ ගින්නෙන් හා දඬුවම් වලින් ද ආරක්ෂාව සැලසේ.
අල්ලාහ් කැමති කුමන ආකාරයේ ප්‍රාර්ථනාවකට ද?
අයෙකු රහසිගතව සිදු කරන ප්‍රාර්ථනාවට අල්ලාහ් වඩාත් කැමතිය. තවද ප්‍රාර්ථනා කිරිමේදි ස්ථීරව හා බලවත් විශ්වාසයෙන් යුතුව ඉල්ලීම අල්ලාහ් ප්‍රිය කරයි. එහිදි අලසකමින් හෝ බලාපොරොත්තු සුන්වීමකින් තොරව අඛණ්ඩ විශ්වාසයකින් අල්ලාහ් වෙත ප්‍රාර්ථනා කිරීම විදහා දැක්විය හැකියි
ප්‍රාර්ථනාව පිළිගැනීමේ රහස කුමක් ද?
සූරතුල් අන්බියාහි, නබිවරුන්ගේ ප්‍රාර්ථනාව ගැන සඳහන් කිරීමෙන් පසු අල්ලාහ් වැදගත් කරුණක් පවසයි. ඔවුන් යහපත් ක්‍රියාවන්හි ඉක්මන් කරන්නන් වූහ; තවද ඔවුන් ආශාවෙන් හා බියෙන් අපට ප්‍රාර්ථනා කළහ. එපමණක් නොව, ඔවුන් අපට බියබැතියෙන් හැසිරෙන්නන් වූහ.
එබැවින්, අපගේ ප්‍රාර්ථනා අල්ලාහ් ට ප්‍රියවන අයුරින් සකස් කර ගනිමු, ඒවා පිළිගැනීමට අවශ්‍ය ගුණාංග අප තුළ වර්ධනය කර ගනිමු.
සූරතුල් ෆාතිහාවේ ශ්‍රේෂ්ඨත්වය
සූරතුල් ෆාතිහා යනු ශුද්ධ වූ අල් කුර්ආනයේ ආරම්භයයි, එය උම්මුල් කුර්ආන් (කුර්ආනයේ මව), අස්-සබ්උල් මසානී (නැවත නැවත කියවන පාඨ හත), සම්පූර්ණ සහනය, ගුණදායක ඖෂධය, පරිපූර්ණ රුක්‍යාව (ආධ්‍යාත්මික සුවය), සමෘද්ධියේ හා සාර්ථකත්වයේ යතුරයි. තවද එහි ශ්‍රේෂ්ඨත්වය හඳුනාගෙන, එයට හිමි නිසි ගෞරවය ලබාදෙන තැනැත්තාගේ ශක්තිය එය ආරක්ෂා කරන අතර, කාංසාව, ශෝකය, බිය සහ කනගාටුව දුරුකරලයි.” (ඉමාම් ඉබ්නුල් කයියිම්, රහිමහුල්ලාහ්)
අපගේ ක්‍රියාවන්ට වග කිව යුත්තේ අපිමය
(فَكُلًّا أَخَذْنَا بِذَنبِهِ) – “ඔවුන් එක් එක් කෙනා ඔවුන්ගේ පාපය නිසා අපි අල්ලා ගත්තෙමු.” (අන්කබූත්: 40)
එබැවින්, සෑම පාපී පුද්ගලයෙක්ම තමා කළ පාපයට සරිලන පරිදි අල්ලාහ් විසින් විනිශ්චයට ලක් කරනු ලබන අතර, ඔහුට සුදුසු දඬුවම ද ලැබෙනු ඇත. කිසිවෙකු තවත් කෙනෙකුගේ පාපය නිසා දඬුවම් නොලැබේ.
එබැවින්, අනුන්ගේ දෝෂ සෙවීමට වඩා, ඔබගේම දෝෂ නිවැරදි කිරීම කෙරෙහි අවධානය යොමු කරන්න. අල්ලාහ්ගේ කරුණාව ඔබට ලැබේවා!
යා අල්ලාහ්! ඔබව තෘප්තිමත් කරන ක්‍රියාවන් කිරීමට අපට කරුණා කරනු මැනව. අලංකාර අයුරින් ඔබ වෙතම අපව නැවත යොමු කරනු මැනව.
සදකා
නබිතුමා ﷺ මෙසේ පැවසූහ: “මිනිසෙකු මිය ගිය විට, ඔහුගේ සියලු යහපත් ක්‍රියා නතර වේ. කරුණු තුනක් හැර: අඛණ්ඩ දානය, ප්‍රයෝජනවත් දැනුම, සහ ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කරන දැහැමි දරුවා.”





