සලාමා සතිපතා සංග්‍රහය 10

June 19, 2026
6 Views

මලායිකාවරුන් සවන් දීමට පැමිණි සහාබිවරයෙකුගේ හඬ

ඔහු උසයිද් ඉබ්නු හුදයිර් (රළියල්ලාහු අන්හු) ය. එක් රාත්‍රියක ඔහු සූරතුල් බකරා පාරායනය කරමින් සිටියේය. ඔහුගේ අශ්වයා ඔහු අසල බැඳ තිබිණි. ඔහු පාරායනය ආරම්භ කළ විගස අශ්වයා හදිසියේ නොසන්සුන් විය. ඔහු පාරායනය නැවැත්වූ විට එය සන්සුන් විය. නැවත පාරායනය ආරම්භ කළ විට නැවතත් නොසන්සුන් විය. මෙසේ සිදුවෙමින් පැවතුනි.

ඔහුගේ පුත් යහ්යා අශ්වයා අසල සිටගෙන සිටියේය. අශ්වයා ඔහුව පාගා දමයි දැයි බියෙන් උසයිද් (රළියල්ලාහු අන්හු) පාරායනය නවතා පුතා එතැනින් ඉවත් කළේය.

පසුදා උදෑසන ඔහු නබි ﷺ තුමා වෙත ගොස් සිදු වූ දෙය විස්තර කළේය. නබි ﷺ තුමා සිනාසෙමින් මෙසේ වදාළහ:
“පාරායනා කරන්න, ඉබ්නු හුදයිර්! පාරායනා කරන්න, ඉබ්නු හුදයිර්!”

උසයිද් පැවසීය: “අල්ලාහ්ගේ දූතයාණනි! මගේ පුත් යහ්යා අශ්වයා අසල සිටියේය. අශ්වයා ඔහුව පාගා දමයි දැයි මම බිය වීමි. එම නිසා මම පාරායනා කිරීම නවතා ඔහු වෙත ගියෙමි. එවිට මම අහස දෙස බැලුවෙමි. එහි පහන් වලට සමාන ආලෝක සහිත වලාකුළු සමූහයක් වැනි දර්ශනයක් පෙනුනි. එය දැක බියට පත්ව එතැනින් ඉවතට ගියෙමි.”

නබි ﷺ තුමා ඇසුවේය: “එය කුමක්දැයි ඔබ දන්නවාද?” “නැත, අල්ලාහ්ගේ දූතයාණනි” යැයි උසයිද් පැවසීය.

එවිට නබි ﷺ තුමා වදාළහ: “ඔවුන් මලාකාවරුන්ය. ඔබේ අල්-කුර්ආන් පාරායනයට සවන් දීම සඳහා ඔවුන් ඔබ ළඟට බැස ආවේය. ඔබ හිරු උදා වන තුරුම පාරායනා කරමින් සිටියා නම්, ඔවුන් එසේම රැඳී සිටිනු ඇත. උදෑසන මිනිසුන් සියල්ලන්ටම ඔවුන් දැක ගන්නට තිබුණි. ඔබ පාරායනය නැවතූ නිසා ඔවුන් එතැනින් නික්ම ගියහ.” (සහීහ් අල්-බුහාරි 5018)

 

අල්ලාහ් අපට යහපතම පතන්නේය

අල්ලාහ් ඔබට යහපතක් කිරීමට අදහස් කළේ නම්, බාධක දහසක් තිබුණත් ඔහු එය ඔබ වෙත ගෙන එනු ඇත. එවිට ඔහුගේ දයාව කිසිදා වළක්වාලිය නොහැකි බවත්, ඔබ වෙනුවෙන් නියම කරන ලද දෙය ප්‍රමාද වුවත් නිසැකවම ඔබ වෙත පැමිණෙන බවත් ඔබට වැටහෙනු ඇත.

අල්ලාහ් ඔබ වෙනුවෙන් අදහස් කළ දෙය කිසිවෙකුට වළක්වාලිය නොහැක. තවද, ඔහු ඔබෙන් ඉවත් කර තබන දෙය පවා සැඟවුණු ආශිර්වාදයක් සහ දයාවකි.

එබැවින්, තෘප්තියෙන් හා සිත් සැනසිල්ලෙන් සිටින්න. මන්ද, ඔබට සිදුවන සෑම කාරණයකම, ඇස්වලට පෙනෙන්නට නොහැකි යහපතක් අල්ලාහ් තම මහා දැනුමෙන් හා ප්‍රඥාවෙන් සූදානම් කර තබා ඇත.

 

අලුයම ගෙන එන ශුභ ආරංචිය

නව දිනයක් ආරම්භ වන්නේ අලුයමේ නිශ්ශබ්දතාවයේ, පළමු ආලෝක කිරණ ඇස් අවදි කිරීමට පෙර, යහපත සඳහා වූ අවස්ථා, දයාවේ මඳ නලඟ, අල්ලාහ්ගේ සමීපත්වය අපේක්ෂා කරන්නන් සඳහා විවර වන දොරටු ආදිය තමා තුළ සඟවා ගෙනය.

උදෑසන යනු අප ජීවත් වී ගත කරන කාලයක් පමණක් නොවේ; එය සෑම දිනකම අලුත් වන දේව ආශිර්වාදයකි. එමඟින් අපට පවසනු ලබන්නේ:
‘ඔබේ ආයු කාලයෙන් තවත් කුඩා කොටසක් ඉතිරිව ඇත; එය ප්‍රයෝජනවත් කරගන්න.’

අල්ලාහ් පවසයි: ඔහුව මෙනෙහි කරන්නට සිතන්නන්ටද තුති පුදන්නට සිතන්නන්ටද රාත්‍රිය හා දිවා කාලය එකක් පසුව එකක් එන සැටියෙන් නිමැවූයේ ඔහුය.” (අල්-කුර්ආන් 25:62)

එබැවින්, උදෑසන යනු මෙනෙහි කිරීමටත්, කෘතඥතාව ප්‍රකාශ කිරීමටත්, දවස කොතරම් බරක් ගෙන දුන්නත් නැවත ආරම්භ කිරීමටත් ඇති අගනා අවස්ථාවකි.

 

සදකා

දන් දීම (සදකා) අල්ලාහ්ගේ ආදරය සහ තෘප්තිය ලැබීමටත්, නිරගයන් මිදීමටත්, ගරෝග සුව වීමටත්, ධනගයහි ආශිර්වාදය (බරක‌ත්) සහ තවත් ගබාගහෝ යහපත් ගේ ලබා ගැනීමටත් ප්‍රමාණවත් ගේ.

Leave A Comment