සලාමා සතිපතා සංග්‍රහය 31

November 13, 2026
28 Views

යුක්තිසහගතව කටයුතු කිරීම ඉස්ලාමයේ උතුම් අරමුණුවලින් එකකි

පුද්ගලයෙක් අයහපත් අයෙකු වුවද, දහම ප්‍රතික්ෂේප කරන්නෙකු වුවද, ඔහු සමඟද යුක්තිසහගතව කටයුතු කරන ලෙස ඉස්ලාමය අණ කරයි.
නබි (සල්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ:
‘අසාධාරණයට ලක් වූ තැනැත්තාගේ ප්‍රාර්ථනය පිළිගනු ලැබේ. ඔහු අයහපත් අයෙකු වුවද එය එසේමය. මන්ද, ඔහුගේ අයහපත්කමේ විපාකය ඔහුටම හිමිවන බැවිනි.’ (මූලාශ්‍රය: මුස්නද් අහ්මද්).
මෙම හදීසය යුක්තිය, ඒකදේවවාදය සහ යහපත් ගුණධංග යන තුනම එකම තැනක එකට එක් කර පෙන්වයි. ඉස්ලාමීය ආචාර ධර්ම යනු,
• ස්ථාවරත්වය: මිනිසුන් වෙනස් වන නිසා අපගේ ආචාර ධර්ම වෙනස් නොවිය යුතුය.
• සියලු දෙනා සමඟ යුක්තිය: මුස්ලිම්වරයෙක් තමා ප්‍රිය කරන අය සමඟ මෙන්ම අමනාප වන අය සමඟද යුක්තිසහගතව කටයුතු කළ යුතුය. විරුද්ධ පාර්ශ්වයට අනුව තමාගේ හැසිරීම වෙනස් කර නොගත යුතුය.
• පළිගැනීමේ මානසිකත්වයෙන් මිදීම: සතුරා සමඟ වුවද යුක්තිසහගතව කටයුතු කිරීමට පුරුදු වන තැනැත්තා තම කෝපය පාලනය කරගනිමින්, තමාට සිදු වූ අසාධාරණයට ප්‍රතිඋත්තර ලෙස තවත් අසාධාරණයක් කිරීමෙන් තමාව ආරක්ෂා කර ගනී.
• අසාධාරණය පිළිබඳ දැඩි බිය: අසාධාරණයට ලක් වූ තැනැත්තාගේ ප්‍රාර්ථනය ඔහු අයහපත් අයෙකු වුවද පිළිගනු ලබන බව කෙනෙකු දැනගත්තොත්, ඔහු අසාධාරණයක් කිරීමට බිය වනු ඇත; තමාගේ හැසිරීමද නිරන්තරයෙන් ආත්ම සමාලෝචනයට ලක් කරනු ඇත.
• විශ්වාසය සහ හැසිරීම ඒකාබද්ධ කිරීම: ඉස්ලාමීය දැක්මට අනුව ඊමාන් (විශ්වාසය) යනු හිස් සටන් පාඨ හෝ වචන පමණක් නොවේ. එය අප අනෙක් අය සමඟ කටයුතු කරන ආකාරයෙන් ප්‍රකාශ විය යුතුය.

 

ප්‍රායෝගික පාඩම්
• විනිශ්චය හා ආරවුල්: ප්‍රතිවාදී පාර්ශවයේ ආගම හෝ ඔවුන්ගේ පෞද්ගලික හැසිරීම සැලකිල්ලට නොගෙන සත්‍යයට සහ යුක්තියට අනුව තීන්දු දිය යුතුය.
• දෛනික ගනුදෙනු: අනෙක් තැනැත්තා මුස්ලිම්වරයෙකු වුවද, මුස්ලිම් නොවන අයෙකු වුවද, යහපත් අයෙකු වුවද, සදාචාර සම්පන්න නොවූ අයෙකු වුවද, සැමෝ සමඟම අයිතිවාසිකම් සහ ගිවිසුම් නිසි ලෙස ඉටු කළ යුතුය.
• පවුල: මතභේදයක් හෝ සැකයක් හේතුවෙන් ස්වාමිපුරුෂයා, භාර්යාව, දරුවා, සේවකයා හෝ අසල්වැසියා යන කිසිදු අයෙකුට අසාධාරණයක් නොකළ යුතුය.
• සමාජය: සෑම මිනිසෙකුගේම අයිතිවාසිකම් ආරක්ෂා වන විට පමණක් සමාජ ආරක්ෂාව සහ සාමය තහවුරු වේ. මෙවැනි යුක්තිය සහ යහපත් ගුණධංගයන්ම සමාජයක් සහ රටක් ස්ථාවරව පැවතීම සඳහා වන පදනම වේ.

සදකා

නබිතුමා ﷺ මෙසේ පැවසූහ – නිසැකවම සදකා (දානමය දෙය) එය ලබා දුන් තැනැත්තාට මිනීවළේ තාපය සිසිල් කරනු ඇත. තවද, පුනරුත්ථාන දිනයේදී, මුඃමින් (විශ්වාසවන්තයා) තම සදකාවේ සෙවණ යටතේ සෙවණ ලබනු ඇත.

Leave A Comment